ප්‍රධාන පුවත් විදේශීය

ඉන්දියාවෙන් මාල දිවයිනට මුහුදු ගිලන් රථ දෙකක්

ඉන්දියාව විසින් මාල දිවයින සඳහා මුහුදු ගිලන් රථ දෙකක් පරිත්‍යාග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ දූපත් රාජ්‍යවල සෞඛ්‍ය සේවාව සඳහා මුහුදු ගිලන් රථ අත්‍යවශ්‍ය වනු ඇති බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය, එස්. ජයිශංකර්ගේ මාල දිවයින් සංචාරයට සමගාමීව මෙම ගිලන්රථ පරිත්‍යාග කර ඇති බව සඳහන්. එම අවස්ථාව සඳහා මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශාහිඩ්ද එක්ව සිටි බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කලේ. ඉන්දීය ආධාර යෝජනා ක්‍රමය යටතේ මෙම පරිත්‍යාගය සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මාලදිවයින් රජය විසින් ඉන්දියාවට ස්තුතිය පළකර ඇති අතර රෝගීන් රැගෙනයාම සඳහා එය මහත් පිටිවහලක් බවයි සඳහන් කර ඇත්තේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තබා තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page