විදේශීය

ඉන්දියාවෙන් හා රුසියාවෙන් ඒකාබද්ධ පර්‍යේෂණ මධ්‍යස්ථානයක්..

ඒකාබද්ධ දැවැන්ත පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමට ඉන්දියාව සහ රුසියාව එකඟතාව පළ කර තිබෙනවා.
ඊට අදාළව රුසියාවේ පිහිටා ඇති උසස් ආර්ථික විද්‍යා පාසල සහ දිල්ලි විශ්ව විද්‍යාලය උපායමාර්ගික සහයෝගීතාවය සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳ ගිවිසුමක් අත්සන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ඉන්දියාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය පැවසුවේ පසුගිය සතියේ පැවැති ඉන්දු-රුසියානු අධ්‍යාපනික සමුළුවට ඉන්දියාව සත්කාරකත්වය දැක්වූ බවයි.
එය ඉන්දු-රුසියා ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසය තුළ පැවැති විශාලතම ඒකාබද්ධ අධ්‍යාපනික සමුළුව බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ඒ සඳහා රුසියාවේ ස්ථාපිත විශ්ව විද්‍යාල 60ක පමණ නියෝජිතයින් පැමිණ තිබුණා.
මෙම තෙදින අධ්‍යාපනික සංසදය අතරතුරදීයි ඉන්දියාවේ උසස් ආර්ථික විද්‍යා පාසල සහ දිල්ලි විශ්ව විද්‍යාලය උපායමාර්ගික සහයෝගීතාවය සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳ ගිවිසුමකට එළඹ ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page