විදේශීය

ඉන්දියාවේ පාසල් බස් රථයක් පෙරලී සිසුන් අටක් මියයයි..

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මහේන්ද්‍රගාර් හිදී පාසල් බස් රථයක් පෙරළීමෙන් ළමුන් අට දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිටීම අදාළ අනතුරට හේතුව බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.
මහේන්ද්‍රගාර් පොලිසිය පවසන්නේ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම බස් රථය පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් ගමන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි එරට පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page