උණුසුම් පුවත් ප්‍රධාන පුවත් විදේශීය

ඉන්දියාව සහ දකුණු කොරියාව වෙළෙඳ ගණුදෙනු ඉහළ නැංවීමට සැරසෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් සෞරව් කුමාර් නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවට පැමිණ තිබෙනවා.ඔහු එහිදී එරට විදේශ සබඳතා කමිටුවේ ප්‍රධානී කිම් ටේ හෝ හමුවී සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීම, ගෝලීය හා කලාපීය ගැටළු මෙන්ම ඉන්දු පැසිපික් හා ජී 20 රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් එහිදී නායකයින් දෙපළ අතර සාකච්ඡා සිදුව තිබෙනවා.දෙරටේ ඉහළ පෙලේ අමාත්‍යවරුන් අතර සාකච්ඡා වට සඳහා මූලික පියවර සකසා ගැනීම පිළිබඳවද අවධානය යොමුව ඇති බව සඳහන්.ඉන්දියාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ ආයෝජන, ආරක්ෂාව සහ ආරක්ෂක විද්‍යාව හා තාක්ෂණ මෙන්ම සංස්කෘතික යන අංශ ඔස්සේ පවතින සබඳතා තර කරගැනීමටද එකඟතාව පළවී තිබෙනවා,දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 28 ක් පමණ වන ද්විපාර්ශවික වෙළෙඳ ගණුදෙනු 2030 වසර වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 50 දක්වා ඉහළ නංවා ගැනීමටද එහිදී එකඟතාව පළවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page