ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති බව සඳහන්.ඊට මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිළධාරීන්ධ එක්ව සිටියා.
අනතුරුව දෙරටේම විදේශ අමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි බවයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ඊට පෙර ඔහු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡාවක නිරත වනු ඇති.
මේ අතර ඉන්දීය විදේශ අමාත්යවවරයා ඊයේ දිනයේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබුණා.ඒ, යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්.මෙරට ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ආයෝජන ප්රවාහයන් ශක්තිමත් කිරීමට ඉදිරියේදීත් සහය ලබාදෙන බවයි එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී තිබෙනවා.
Leave feedback about this