විදේශීය

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි..

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවයි බලධාරින් විසින් අනතුරු අගවා ඇත්තේ.
1871 වසරේදී එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් මෙලෙස සුනාමි ව්‍යසනයක් සිදුව තිබෙනවා.
ඒ අනුව ගිනි කන්ද අවට 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව සදහන්.
වරින්වර සක්‍රිය වන මෙම රුවන්ග් ගිනි කන්ද  ඉන්දුනීසියාවේ උතුරුදිග සුලවේසි කලාපයේ දූපතක පිහිටා තිබෙනවා.
එය මේ වනවිට විදාරණය වී ඇති අතර ඉන් ලාවා සහ අළු විහිඳුවමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
ඉන්දුනීසියාව ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳු පවතින ගිනි වළල්ල කලාපයේ පිහිටා තිබෙනවා.
අදාල ප්‍රදේශයේ මෑතක දී ඇති වූ භූමිකම්පා හේතුවෙන් මෙම පිපිරීම් ඇතිව තිබෙනවා.
කෙසේ වෙතත් පුද්ගල් මරණ හෝ තුවාල සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැහැ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page