දේශපාලන

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට..

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්වී තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන්නේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි.
එහි නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන්, එස්. ශ්‍රීධරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සින්නතම්බි යෝගේෂ්වරන් යන මහත්වරුන් තරඟ වැදුණා.
ඒ අනුව අද ත්‍රිකුණාමලයේදී පැවැති ඡන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රීධරන් මහතා නායකත්වයට පත්වුණා.
ඒ ඡන්ද 184 ක් ලබා ගැනීමෙන්.
පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතාට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 137 ක්.
මෙහිදී සාමාජිකයන් 12 දෙනෙකු ඡන්දය ලබා දීමෙන් වැළකී තිබෙනවා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂ ඉතිහාසයේ සභාපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවති පළමු අවස්ථාවද මෙය වනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page