ප්‍රධාන පුවත්

ඉල්ලා අස් නොවූ ආණ්ඩුකාර තුන ඉවත් කරයි..

නැගෙනහිර, උතුර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් එම ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව ආණ්ඩුකාවරුන් හෙට දිනයේදී පත්කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළා.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කටයුතු කරනු ලැබුවා.

එම ධූරවලින් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා විසින් මීට පෙර දැනුම් දී තිබු බව සඳහන්.

කෙසේ වෙතත් ඔවුන් මෙතෙක් සිය ධූරවලින් ඉවත් වී නැහැ.

ඒ අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page