විදේශීය

ඊශ්‍රායල් පලස්තීන ගැටුම් වලින් දාහකට අධික පිරිසක් මියගිහින්..

ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුම්වලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1,100 ඉක්මවා තිබෙනවා.

බී බී සී ලෝක සේවය සඳහන් කලේ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි.

ඊශ්‍රායලයේ 700 දෙනෙක්ද, ගාසා තීරයේ සහ පලස්තීනයේ 400 ක් පමණද මේ වනවිටත් මියගොස් ඇති බවයි එම පුවත් සේවය අනාවරණය කලේ.

හමාස් සංවිධානය විසින් එල්ල කල ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ පැවති සංගීත උත්සවයකට සහභාගි වෙමින් සිටි පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලයද ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ගාසා තීරයේ ස්ථාන 500 කට පමණ ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page