අද උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මුලතිව් හිටපු දිසා විනිසුරු ටී. සරවණරාජා සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක බවයි දෙමළ ජාතික සන්ධානය ඇතුළු මෙම හර්තාලය සංවිධානය කරන දේශපාලන පක්ෂ සඳහන් කළේ.
හර්තාලය සඳහා ප්‍රදේශ කිහිපයක මුස්ලිම් ප්රජාවද එක්ව සිටින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
හර්තාලය හේතුවෙන් රාජ්‍ය ආයතනවල දෛනික කටයුතුවලට බාධා සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
Leave feedback about this