දේශපාලන

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා සජබ හා එක්වෙයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේග සන්ධානය හා එක් වී තිබෙනවා.

ඔහු 1970 සිට 1977 දක්වා කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නාත්තන්ඩිය ආසනයේ සංවිධායකවරයා ද වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයාද වනවා.

දයාශ්‍රිත තිසේරා මහතා 1988 වසරේ පොදුජන පෙරමුණට එක්වෙමින් වයඹ පළාත් සභාවට තේරී පත්වුණා.
ඉන්පසුව 2000 වසරේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර අසුනක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වීම විශේෂත්වයක්.

අනතුරුව 2004 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2007 දී නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් දයාශ්‍රිත තිසේරා මහතා කටයුතු කර තිබෙනවා.

මේ වසරේ පළමු පිල් මාරුව සිදු කරනු ලැබුවේ දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා විසිනුයි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර පසුගියදා සමගි ජනබලවේගය සමග එක්වුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page