දේශපාලන

එළඹෙන ජනපතිවරණයට ඉදිරිපත්වන බව ජනපති කියයි..

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔස්ටේ්‍රලියාවේ, පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය එළැඹෙන ජුනි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.
ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා.
දෙරට අතර දැනට ක්‍රියාත්මක ද්විපාර්ශවික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව එහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවැසුවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  බටහිර ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නීරීක්ෂණ චාරිකාවකටද එක්වුණා.
එහි කාර්ය මණ්ඩල නිලධාරින් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ඔවුන්ට ලබා දිය හැකි සක්‍රීය දායකත්වය පිළිබදව පුළුල් අවධානයක් යොමු කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page