ICC ලෝක කුසලානයේ අවසන් සුපිරි හතර දෙනාගේ කණ්ඩායමට එක්වෙමින් ඊයේ ප්‍රතිවාදී ඇෆ්ඝන් කණ්ඩායම පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුනා.
පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය කඩුලු පහක් දැවී ලකුණු 291 රැස් කිරීමට සමත් වුනා. එහිදී ඉබ්‍රහිම් සැඩ්රන් ලකුණු 121 ක් ලබාගත්තා.
අනතුරුව ලකුණු 292 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානුවන් ඕවර හතළිස් හයයි පන්දු පහකදී තම ඉලක්කය ඉක්මවා යාමට සමත් වුනා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇෆ්ඝන් කණ්ඩායම ලකුණු අනූ හතකදී කඩුලු හතක් දවා ගැනීමට සමත් වුවද පැට් කමින්ස් සමග ග්ලෙන් මැක්ස්වල් දැක්වූ සබදතාවය හමුවේ පරාජය හාරගත්තා.
Leave feedback about this