විදේශීය

ඕමාන්, ඩුබායි, බහරේන් අධික වර්ෂාව හේතුවෙන් දැඩි පීඩනයක..

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඩුබායි රාජ්‍යයයේ ජනතාවගේ දෛනික කටයුතු අඩාලවී තිබෙනවා.
මාර්ග ජලයෙන් යටවීම, නිවාස හා දේපල හානි වාර්තාවී ඇති බව සඳහන්.
අයහපත් කාලගුණයෙන් ඕමානයේ පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගුවන් ගමන් වාර අවලංගු කර ඇති අතර ඒවායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
මැද පෙරදිග මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍යයය සහ බහරේනයට මෙලෙස ගං වතුරෙන් බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.
දැඩි කුණාටු තත්වයක්ද පවතින බවයි වාර්තා වන්නේ.
ඊයේ දිනයේ සිට පාසල් සහ ආයතන රැසක් වසා දැමීමටද කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා මෙහෙයුම් සිදු කෙරෙන බවද එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page