දේශීය

කප්පමක් ඉල්ලූ ග්‍රාම නිලධාරියෙක් අත්තඩංගුවට..

හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියකට මරණ තර්ජන සිදුකර කප්පම් මුදලක් ඉල්ලූ ග්‍රාම නිලධාරිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් පාතාල නායකයෙකු යැයි පවසා සැකකාර ග්‍රාම නිලධාරිවරයා පෙරපාසල් ගුරුවරියට අවස්ථා කිහිපයකදි දුරකතනය හරහා මරණ තර්ජනය සිදුකර ඇති බව පොලිසිය පවසනවා.    
       
ඒ, රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් ලබාදෙන ලෙස බලකරමින්.  

සිද්ධිය සම්බන්ධයෙන් පෙරපාසල් ගුරුවරිය හෝමාගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව හෝමාගම පොලිස් ස්ථානය සහ මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු ඉල්ලු රුපියල් ලක්ෂ 20 න් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට පෙර පාසල් ගුරුවරිය කැමැත්ත පළ කර ඇත්තේ පොලීසිය ලබාදුන් උපදෙස් මතයි.

ඒ අනුව සැකකාර ග්‍රාම නිලධාරියා එම මුදල ලබාගැනීමට යතුරු පැදියෙන් සුවපුබුදුගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page