ක්‍රීඩා

ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අභියාචනාධිකරණය මේ නියෝගය නිකුත් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම තහනම් නියෝගය දින 14 ක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ පවතින බවට සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහි ලියාපදිංචිය අත්හිටුවනු ලැබුවා.

අනතුරුව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමටයි අමාත්‍යවරයා පියවර ගනු ලැබුවේ.

ඊට අදාල ගැසට් නිවේදනයක්ද නිකුත්කර තිබුණා.

කෙසේ වෙතත් අද දින ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරමින් සදහන් කලේ ක්‍රිකට් අතුරු කමිටුව සහ අදාල ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලන තහනම් නියෝගයක් ලබාදෙන ලෙසයි.

මේ අතර බංගලාදේශය සමග පැවති තරගයේදී ඇන්ජලෝ මැතිවිස්ගේ දැවී යාම සම්බන්ධයෙන් ලොවපුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ බංගලාදේශ නායකයාගේ තීරණය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට අහිතකර ලෙස බලපාන බවයි.

පන්දුවට පහරදීමට ප්‍රමාදවීම හේතුවෙන් දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණු  ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ මාධ්‍ය හමුවේ සිය අදහස් පළකලා.

ඔහු ප්‍රකාශ කලේ අදාල තීරණය සම්බන්ධයෙන් තමා දැඩි කණස්සල්ලට පත්ව ඇති බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page