ක්‍රීඩා

ඉන්දියාවට පරදිද්දී ලංකාව තරගාවලියේ වාර්තාවකුත් තියලා..

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබෙනවා.

අදාල කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෂ්ඨ නිලධාරීයෙකු සදහන් කලේ.

ධනංජය ද සිල්වා  තරගයෙන් ඉවත් කර ඒ වෙනුව දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලු සහගත බව ඔහු කියාසිටියා.

මේ පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳවද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

2023 එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වූ තරගයේ ජය හිමිකර ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 302 කින්.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 08 දැවී ලකුණු 357 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 55 පමණයි.

පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, දුශාන් හේමන්ත සහ දුශ්මන්ත චමීර ලකුණු නොලබාම දැවී ගියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page