ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටළු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනුකමිටුවක් පත්කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමද එහි මූලික අරමුණ වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කමිටුව සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි බව සදහන්.
ඊට පත්කළ සාමාජිකයින් පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව වාර්තා වනවා.
මේ පිළිබඳ විමසීමට ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සම්බන්ධ කරගැනීමටද කිහිපවරක් උත්සාහ දරා ඇති අතර එය සාර්ථක නොවූ බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කලේ.
ඒ අනුව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටයි.
අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට ටිරාන් අලස් , මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද ඇතුළත් වනවා.
ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සදහන්.
මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය ඕනෑම නිළධාරියෙකු හෝ එම ක්ෂේත්රයේ ප්‍රවීනයෙකුගේ සේවය ලබා ගැනීමටද අමාත්‍ය මණ්ඩලය විසින් එම කමිටුවට බලය පවරා තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ගැටළු වඩාත් සාර්ථක ලෙස විසඳීම සඳහා විශේෂඥ දැනුම ලබා ගනිමින් පුළුල් පරාසයක් තුල කරුණු සලකා බැලීම මෙහි මූලික අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ.
Leave feedback about this