දේශීය

ක්ලේමෝ කවර නිෂ්පාදනය කළා යැයි සැකපිට කිලිනොචියේ දෙදෙනෙක් අත්තඩංගුවට..

කිලිනොච්චිය, නාච්චිකුඩා ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බ කවර සකසන ලද ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
අබලන්වූ බෝට්ටු ෆයිබර් යොදා පිළිසකර කරන ස්ථානයක් පවත්වාගෙන  යන මුවාවෙන්  සැකකරුවන්  මෙලෙස ක්ලේමෝ කවර සාදා තිබෙනවා.
එහිදී ක්ලේමෝ කවර 12ක් සහ ඒ සඳහා යොදන පියන් 14ක් ද සොයාගෙන ඇති බව සදහන්.
ඒවා මල්පෝච්චි ලෙස අලෙවි කිරීම සඳහා සැකසූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිළධාරින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී  සැකකරුවන් විසින් ප්‍රකාශ කර තිබෙනවා.
එක් සැකකරුවෙකු මුහුදු කොටි බළකායේ සාමාජිකයෙකුව සිට ඇති බව සදහන්.
සෙසු සැකකරු කොටි සංවිධානය සමඟ සෘජු ගනුදෙනුවක් පැවැත්වූ බවට මෙතෙක් තහවුරු වී නැහැ.
කෙසේවෙතත් මෙහි තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගැනීමට හැකි වී නොමැත බව සදහන්.
මේවා කුමන අරමුණකින් නිෂ්පාදනය කළේද යන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ ක්‍රියාත්මකයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page