විදේශීය

කාන්තා අයිතින් ගැන තලෙයිබාන් සංවිධානයෙන් ප්‍රකාශයක්

කාන්තා අයිතිවාසිකම් යනු තමන් ප්‍රමුඛතාව ලබාදෙන කරුණක් නොවන බව තලෙයිබාන් සංවිධානය පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක සබි උල්ලාහ් මුජාහිද් ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවන් සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉවත් කිරීමද සිය සංවිධානය විසින් ප්‍රමුඛත්වය ලබාදෙන කරුණක් නොවන බවයි.තලෙයිබාන්වරුන් කිසිවිටෙක ඉස්ලාමීය නීතිය උල්ලංඝනය වන ක්‍රියාවකට අවසර ලබා නොදෙන බවද ඔහු අවධාරණය කර තිබෙනවා.ශරීයා නීතියට එරෙහිව කටයුතු කිරීමට රජයට නොහැකි බවයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව සියළු ගැටළු නියාමනය කිරීමට තලෙයිබාන් පාලනය උත්සහ කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.තලෙයිබාන් පාලනය යටතේ කාන්තාවන්ට එරෙහිව පනවා ඇති දැඩි නීති ඉවත් කරන ලෙස ජාත්‍යන්තරය එම සංවිධානයෙන් ඉල්ලීම් කර තිබෙන පසුබිමක ඔහු මෙම නිවේදනය නිකුත් කළා.උසස් අධ්‍යාපනය ලැබීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ රැකියාවල නිරත වීම තලෙයිබාන් පාලනය යටතේ කාන්තාවන්ට තහනම් කර තිබෙනවා.එය කාන්තාවන් වෙනුවෙන් එම රජය පනවා ඇති තහනම්වලින් කිහිපයක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page