දේශීය ප්‍රධාන පුවත්

කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරන ක්‍රියාමාර්ගයක්..

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනත්වය උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේයැයි චෝදනා කරමින් විදුලි පාරිභෝගික සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය හා ස්වාධීන පුරවැසියන් කිහිපදෙනෙක් එක්ව කැබිනට් මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව විදුලි ගාස්තු ඉහල නැංවීමට පියවර ගන්නාලෙස අමාත්‍ය මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසන් සභාවට කර ඇති නියෝගයට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එමගින් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිසම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
පෙත්සම් කරුවන් පවසා සිටින්නේ මහජන උපයෝගී කොමිසන් සභාව ස්වාධීන ආයතනයක් බැවින් එයට නියෝග නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයට බලයක් නොමැති බවත් එම ක්‍රියාව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්ය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page