දේශපාලන

කුරුණෑගල මහ නගරසභාව සමගි ජන බලවේගයට..

අද පැවැත්වූ කුරුණෑගල මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් පත්කර ගැනීමේ ඡන්ද විමසීමෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සුමේද අරුණ ශාන්ත ජයග්‍රහණය කර තිබෙනවා. ඒ වැඩි ඡන්ද හතරක් ලබා ගනිමින්.
සුමේද අරුණ ශාන්ත සමග තරගයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ විජයානන්ද වෙඩිසිංහ ඡන්ද හයක් ලැබූ අතර සුමේද ඡන්ද දහයක් ලබාගැනීමට සමත් වී තිබුනි.

කුරුණෑගල හිටපු නගරාධිපති වරයා වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ත-ුශාර සංජීව විතාරන අයවැය පරාජය වීම හේතුවෙන් වයඹ පළාත් ආන්ඩුකාරවරයා විසින් දෙසැම්බර් 31 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඉවත් කරන ලදී.

අද දින ඡන්දය විමසන ලද්දේ එම පුරප්පාඩුව වෙනුවෙනි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page