දේශපාලන

කෙහෙළිය ඇතුළු හතක් යළි රිමාන්ඩ්..

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බව සදහන්.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වනවිට නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි ඊයේ අධිකරණයේදී අනාවරණ වුනේ.
ඔහුගේ නීතිඥවරයා විසින් ඒ පිලිබද  අධිකරණයේදී  කරුණු දක්වා තිබෙනවා.
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එහිදී සඳහන් කළේ එම සුවිශේෂී රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘතිම ව ඔක්සිජන් ලබාදිය යුතු බවයි.  
ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇප ඉල්ලීමක්  ඉදිරිපත් කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page