විදේශීය

කොළොම්බියාවේ අගනුවරට නියඟයක්..

කොළොම්බියාවේ අගනගරය වන බොගෝටාහි දරුණු නියගයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම අගනගරයේ මිලියන 10ක පමණ ජනතාව පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
පවතින තත්ත්වය තවත් උග්‍රවණු ඇති බවට බොගෝටා නගරාධිපතිවරයා අනතුරු අගවා තිබෙනවා.
ඒ අනුව කොළොම්බියාවේ අගනුවර කලාප 09කට වෙන්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
පවතින අසාමාන්‍ය වියළි කාලගුණයත් සමඟ එම අගනගරයේ ජලය සීදී යමින් පවතින බවත් ඒ හේතුවෙන් ජල බින්දුවක් හෝ අපතේ නොහරින ලෙසටත් අගනගර වැසියන්ට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම මේ වන විට ජලය නිකුත් කිරීමද සීමාකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
කෙසේවෙතත් පාසල් සහ රෝහල් වෙත අඛණ්ඩව ජලය නිකුත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page