ප්‍රධාන පුවත්

ගම්පහ ඩෙංගු ඉහලයාමේ අවදානමක්..

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ අවදානම් තත්ත්වයක් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඩෙංගු රෝගීන් 36911 දෙනෙකු මේ වනවිට මෙරටින් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, මේ මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7203 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

සමස්ත රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවෙන් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව සඳහන්.

ඉන් රෝගීන් සියයට 22 ක ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයේත් රෝගීන් සියයට 20 ක ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙත් සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සමස්ත රෝගීන්ගෙන් සියයට 25 ක ප්‍රතිශතයක් පාසල් යන වයසේ දරුවන් වන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

ඩෙංගු අවදානම් තත්ත්වය හේතුවෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමට නියමිත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් මාර්ගෝපදේශනද නිකුත් කර තිබෙනවා.

අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත අදාල උපදෙස් ලබා දී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසා සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page