උණුසුම් පුවත්

ගාසා තීරයේ ගැටුමෙන් ශ්‍රී ලාංකිකයෙක් මරුට.. තවත් අයෙක් තුවාල ලබයි..

ගාසා තීරයේ ගැටුමෙන් ශ්‍රී ලාංකිකයෙකු  අතුරුදන්ව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ඉන් තවත් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ එරට තුළ       ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවයි.

ඉන් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීව්, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද ඒ මහතා ප්‍රකාශ කලා.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා දකුණු කලාපයේ සිටි සංචාරක හෝටලයක සේවය කල අයෙක්.

ඔහුගේ බඩට සහ අතට වෙඩි වැදි ඇති අතර තත්ත්වය  බරපතළ නොවන බව සදහන්.

 අතුරුදන් වූ ශ්‍රී ලාංකික තරුණයා පිළිබඳ තොරතුරක් ලබා ගැනීමට නොහැකි වුවහොත් රතු කුරුස සංවිධානයට දැනුම් දෙන බවද නිමල් බණ්ඩාර මහතා සදහන් කලා.

ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය සදහන් කලේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග එක්ව මෙරට රජය කටයුතු කරන බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page