විදේශීය

චීනය ඇඟලුම් කර්මාන්තයෙන් පස්සට.. බංගලාදේශය ඉදිරියට එයි

යුරෝපා සංගමයේ දැවැන්තම ඇගළුම් සැයුම්කරු වන චීනයට ඉදිරියේදී එම ස්ථානය අහිමි වනු ඇති බවට වාර්තා පළවනවා. එම ස්ථානය බංගලාදේශයට හිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කොවිඩ් වසංගතය හමුවේ චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වී ඇති අතර කොවිඩ් රෙගුලාසි හේතුවෙන් එරට ශ්‍රම බලකාය ද අඩු වී තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් චීනයට සාපේක්ෂව බංග්ලාදේශය පසුගිය වසරේදී ඇගළුම් ක්ෂේත්‍රය තුළ සීග්‍ර වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව සිටින බව වාර්තා වෙයි.

පසුගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝම්බර් මස දක්වා කාලය තුළ යුරෝපා සංගමයේ රටවල් වෙත බංගලාදේශයේ ඇගළුම් නැව් ගත කිරීම් සියයට 41.76 කින් වර්ධනය වී ඇති බව සඳහන්.

මෙම ගනුදෙනුවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 19.4 ක් බව පැවසෙනවා.

ඉදිරියේදී බංග්ලාදේශයේ ඇගළුම් සදහා යුරෝපා සංගමයේ රටවල ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය අනාවැකි පලකරනවා.

චීනයෙන් ගිලිහෙන කාර්මාක නිෂ්පාදන ඉල්ලුම ද ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ පකිස්තානය වැනි දකුණු ආසියානු රටවල් වෙත ඇදී එනු ඇති බවට ආර්ථ්ක විශ්ලේෂකයන් විශ්වාසය පළ කර සිටිනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page