දේශපාලන

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට විවෘත ආරාධනයක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන් වෙත දැනුම්දීමක් කර තිබෙනවා.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්‍ෂවරිය සමඟ සිදු කරන ලද සාකච්ඡා සඳහා සහභාගි වන ලෙස දන්වමින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
සියලුදෙනා එක්ව පොදු එකඟතාවකින් රට ජයග්‍රහණය කරා මෙහයවිය යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.
ඒ මහතා මෙම විවෘත ආරාධනාව සිදු කරනු ලැබුවේ ‘ජාත්‍යන්තර රේගු දින’ සැමරුම් උත්සවයට එක්වෙමින්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page