දේශපාලන

ජනපති හා දෙමළ පක්ෂ මන්ත්‍රීන් අතර සාකච්ඡාවක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවයි.
උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එස්. රාසමාණික්‍යම්, ජී. කරුණාකරන් ඇතුළු මන්ත්‍රීවරුන් මෙන්ම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක්ද රජය පාර්ශවයෙන් සාකච්ඡාවට එක්ව සිටියා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්වීම් කීපයක් සිදු කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු මීට අයත් වන අතර, ඔවුන්ගේ මෙම පත්වීම් ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මකයි.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ. සී. මොහොමඞ් නෆීල්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්. පී. පී. යසරත්න, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස සමන් දර්ශන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී. කේ. පී. චන්ද්‍රකීර්ති යන මහත්වරුන් පත් කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස සුලක්ෂන ජයවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස රංජිත් රූබසිංහ සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ධර්මශ්‍රී කුමාරතුංග යන මහත්වරුන් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page