දේශීය

ජපානයේ මිලියන තුනක පමණ රැකියා?

ජපානයේ මිලියන තුනක පමණ රැකියා පවතින බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
මෙරට තරුණ තරුණයින්ට ජපානයට යාමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වනවිට සකස් කරමින් පවතින බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති ‘තරුණ හා ක්‍රීඩා කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහනට’ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව ජපන් භාෂාව අධ්‍යයනය කිරීම, වෘත්තීය පුහුණුව ලබා ගැනීම, අදාළ විභාගය සමත්වීම සහ ජපන් සංස්කෘතිය පිළිබඳ අවබෝධ කරගැනීම ආදී සුදුසුකම් සපුරා ගැනීම අනිවාර්ය වනු ඇති.ඒ සඳහා වසරකට වැඩි කාල සීමාවක් කැප කළ යුතු බවද රොෂාන් රණසිංහ මහතා එහිදී පෙන්වා දී තිබෙනවා. හෙද කේෂ්ත්‍රය සඳහා වැඩි සංඛ්‍යාවකට එංගලන්තයේ රැකියා අවස්ථා හිමිකර ගැනීමට ද හැකියාව පවතින බව සඳහන්.ඒ සඳහා මෙරට රජය විසින් එංගලන්තයේ සෞඛ්‍ය අංශ සමඟ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page