විදේශීය

ජපාන භූ කම්පනයෙන් 57 ක් මියගිහින්..

ජපානයේ සිදුවු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 57 දක්වා ඉහල ගොස් ඇතිබව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
රික්ටර් මාපාංක 7.8 ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය හටගෙන ඇතිබව සඳහන්.
නිවාස කඩාවැටීම, ගොඩනැගිලි ගිනිගැනීම, මාර්ගවලට හානි සිදුවීම හේතුවෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ලවී ඇති බව සඳහන්.
ඒ අනුව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි එරට රජය කටයුතු කලේ.
විපතට පත්වූවන් සදහා ආහාර, ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට සහන කණ්ඩායම් විසින් පියවර ගෙන තිබෙනවා.
පුද්ගලයන් 57,360 දෙනෙකු මේ වනවිට ආරක්ෂක ස්ථානවෙත යොමු කිරීමටද මේ වනවිට කටයුතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page