දේශීය

ජ’පුර කළමනාකරණ පීඨය දෙසැම්බර් හතර යළි විවෘත කෙරේ..

තාවකාලිකව වසාදමා තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ලබන මස 4 වැනිදා යළි විවෘත කිරීමට සැලසුම් කර  තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානකේ මහතා මේ බව  නිවේදනය කලා.

උපකුලපතිවරයාගේ නිල කාර්යාලය ඉදිරිපිට පැවති සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් පසුගිය 20 වැනිදා සිට එම පීඨය තාවකාලිකව වසා දැමුණා.

කෙසේ වෙතත් එම සිදුවීම හේතුවෙන් සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බවද සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page