දේශපාලන

ජාතික ජන බලවේගයේ පිරිසක් ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක..

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුවී තිබෙනවා.
නව දිල්ලියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් මේවන විට ඉන්දීය නිල ආරාධනයකට අනුව එරට සංචාරකයක යෙදී සිටිනවා.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා හා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග, ඉදිරි ගමන ගැන මෙහිදී සාකච්ඡා කළ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ.
ශ්‍රී ලංකාව සැමවිටම ඉන්දියාවේ විශ්වාසන්තක මිතුරකු සහ විශ්වාසවන්ත හවුල්කරුවකු වනු ඇති බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසා තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page