මෙවර ජාතික පොසොන් උත්සවය ලබන 31 වනදා සිට ජුනි මස 06 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින්.
ඒ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දීමට මේ වන විටත් නගරය කේන්ද්‍ර කොට ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන සූදානමින් සිටින බව සඳහන්.
මෙම කාලය තුළ අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව නව දුම්රිය ගමන් වාර 10 ක් එක් කිරීමට නියමිතයි.
ඒ අනුව ඒමට ගමන් වාර 5ක් සහ යාමට ගමන් වාර 5ක් ලෙස එම ගමන් වාර යෙදවෙනු ඇති.
අවශ්‍යතාව මත තවදුරටත් දුම්රිය සේවාවන් එක් කිරීමට බලාපොරොත්තු බව බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
අනුරාධපුරය දිස්ත්‍රික්කය පුරා අතිරේක බස් රථ 400ක් යෙදවීමට උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.
පිටකොටුවේ සිට අනුරාධපුර දක්වාත් අතිරේක ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මකයි.
මෙවර බැතිමතුන් විශාල පරිසකගේ සහභාගිත්වය අපේක්ෂා කරන බැවින් තවත් බස් රථ සියයක් සූදානම් කොට තබන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර රාජ්‍ය පොසොන් උත්සවයට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව මිහින්තලය විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.
අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමටද තමන් කටයුතු කරන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.
Leave feedback about this