උණුසුම් පුවත්

ජාතික හැඳුනුම්පත් ඡායාරූප ගාස්තුව ඉහලට..

ඩිජිටල් ඡායාරූප ගාස්තුව රුපියල් 150 සිට 400 දක්වා ඉහල දමා තිබෙනවා.

ඒ, හැඳුනුම්පත හෝ එහි අනුපිටපත ලබා ගැනීම සම්බන්ධයෙන්.

ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු විසින් අය කළයුතු ගාස්තුවයි මෙලෙස ඉහල නංවා ඇත්තේ.

ඒ අනුව පැරණි  මිල අහෝසි වන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

හැඳුනුම්පත හෝ එහි අනු පිටපත සඳහා ලබාගත් ඡායාරූප මාර්ගගත ක්‍රමවේදයෙන් පුද්ගලයන් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඒවා යොමුකල යුතුයි.

මේ අතර ලබන ජනවාරියේ සිට ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ

අලුතින් හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් කරන්නන් වෙත එය ප්‍රථමයෙන් නිකුත් කරනු ඇති.

මෙරට සමස්ත ප්‍රජාවටම ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිළධාරින් සඳහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page