ප්‍රධාන පුවත්

ජූලි එක සිට කොන්දොස්තර රහිත ලංගම බස්..

එළඹෙන ජූලි පළමුවනදා සිට කොන්දොස්තරවරු රහිත බස් ධාවනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එය පළමුව නියාමන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි.

එමගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් වියදම් සැලකිය යුතු මට්ටමකින් අඩුකර ගැනීමට බලාපොරොත්තු වන බවත් බස් රථවල සිදුවන වංචා නවතා ගැනීමට හැකි වන බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ජූලි පළමුවනදා සිට ආරම්භයක් වශයෙන් සියලුම අධිවේගී මාර්ගවල ධාවනය වන බස් කොන්දොස්තර රහිත බස් ලෙස ධාවනය වන බවත් එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව දිවයින පුරා සියලු මාර්ගවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සඳහා එම ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

අධිවේගී මාර්ගවල ව්‍යාජ ටිකට් ලබාදීමේ ජාවාරමක්ද එලිදරව්වී ඇති අතර ඒ පිලබඳ පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

කෙසේ වුවද කොන්දොස්තර රහිත බස් ධාවනය ආරම්භවීමත් සමග විද්‍යුත් ටිකට් ක්‍රමය අඳුන්වා දීමටද ප්‍රවාහන අමාත්‍යංශය බලාපොරොත්තු වන බව වාර්තා වනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page