ප්‍රධාන පුවත්

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. අවශ්‍ය වුවහොත් ආරක්ෂක අංශ යොදා ගැනීමට ජනපති උපදෙස්..

පසුගිය සතිය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

සමස්ත රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය ආසන්න ප්‍රතිශතයක් ලෙස සියයට 49 ක් වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට 21 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට 18 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් සියයට 7 ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් සියයට 3.4 ක ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව සඳහන්.

දුමායනය අත්හිටුවීම ඩෙංගු අධිවසංගත තත්වයක් බවට පත්වීමට ප්‍රධානතම හේතුව වී ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරමින් ප්‍රකාශකර සිටියා.

සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කලේ ඩෙංගු රෝගීන් නිසිලෙස හදුනා ගැනීමේ ක්‍රියා පටිපාටියද නිවැරදිව සිදු නොවන බවයි.

මේ අතර ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා කඩිනමින් සියලු පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ඒ සඳහා අවශ්‍යතාව අනුව ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබාදෙන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ද ජනාධිපති වරයා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page