ක්‍රීඩා

දකුණු අප්‍රිකාව පරදා ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට..

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දකුණු අප්‍රිකාව සමග තරගයේ ජය හිමි කරගැනීමට ඔස්ට්‍රෙලියා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව එම කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 212 පමණයි.

දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඬේවිඞ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් රැස්කළා.

එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකයයි.

ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව ඉන්දියාව සමඟ නොවැම්බර් 19 වන දා  අවසන් මහා තරගයට එක් විමිට නියමිතයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page