විදේශීය

දකුණු චීන මුහුදු අර්බුදය චීනය හා පිලිපීනය සාමකාමීව විසඳාගත යුතුයි.. ඉන්දියාවෙන් ප්‍රකාශයක්..

දකුණු චීන මුහුදේ ගැටළු සාමකාමීව විසඳා ගත යුතු බව ඉන්දියාව පවසනවා.

චීනය සහ පිලිපීනය අතර මතුව ඇති මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉන්දියාව මේ බව සඳහන් කළා.

දකුණු චීන මුහුදේ යාත්‍රා කරමින් තිබූ පිලිපීන නෞකාවලට  චීන වෙරළාරක්ෂක බලකාය විසින් පසුගියදා ජල ප්‍රහාර එල්ල කර තිබුණා.

ඒ අනුවයි දෙපාර්ශවය අතර මෙම මතභේදාත්මක තත්ත්වය හටගෙන ඇත්තේ.

මෙම තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිවලට අනුකූල වන ලෙස ඉන්දියාව, චීනයෙන් සහ පිලිපීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එවැනි සිදුවීම් යළි ඇති නොවීමට දෙපාර්ශවය වගබලා ගත යුතු බවයි ඉන්දියාව අවධාරණය කර ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page