උණුසුම් පුවත්

දඩ මුදල් ඉහල දැමීමට කැබිනට් අනුමැතිය.. ඡන්දයකට අල්ලස් දුන්නොත් ලක්ෂ දහයක්..

ඡන්ද විමසීමක් අවස්ථාවේ අල්ලස් දීමේ වරදට අය කෙරන දඩ මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙන් ඊට අදාල යෝජනා ඉදිරිපත් කර ඇති බව සදහන්
විවිධ වැරදි සඳහා පනවා තිබූ දඩ මුදල් ඉහළ නැංවීමට අදාළව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව එම කෙටුම්පත මෙලෙස ඉදිරිපත් කෙරුණා.
එහිදී ඡන්ද විමසීමක් සම්බන්ධයෙන් සංග්‍රහ කිරීම් ආදියෙන් අල්ලස් ලබාදුන්නේ නම්, රුපියල් 200ක්ව මෙතෙක් පැවති දඩ මුදල රුපියල් හත්ලක්ෂ 50,000ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
මහජන පීඩා සිදුකිරීම සහ යම් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම යන වරද සඳහා රුපියල් 50ක් ලෙස නියම කර තිබූ දඩ මුදලද රුපියල් 20,000ක් දක්වා ඉහළ දැමෙනු ඇති.
 පෞද්ගලික ආරක්ෂාවට බාධාවන අයුරින් යම් ක්‍රියාවක් සිදුකිරීමේ වරදට පනවා තිබූ රුපියල් 100 දඩ මුදල ද රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමිය යුතු බවට යොජනා වී තිබෙනවා.
 යම් තැනැත්තෙකුට අයුතු ලෙස අවහිර කිරීමේ වරදට රුපියල් 50ක්ව පැවති දඩ මුදල රුපියල් 50,000 දක්වාත් යම් අයෙකු අයුතු ලෙස සිර කර තැබීමේ වරදට රුපියල් දහසක් වූ දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් දක්වාත් ඉහළ දැමෙන බව සදහන්.
ත්‍රිවිධ හමුදා භටයෙකුගේ රාජකාරි ඇඳුමක් අවභාවිත කිරීමේ වරදට පනවා තිබූ රුපියල් 100ක දඩමුදල රුපියල් 50,000 දක්වාත්, රාජ්‍ය සේවකයෙකුගේ ඇදුම් හෝ සලකුණු වංචනික ලෙස භාවිත කිරීමේ වරදට පැනවුණු රුපියල් 100 දඩ මුදල රුපියල් 25,000 දක්වාත් මෙමගින් සංශෝධනය කිරීමට යෝජිතයි.
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, යම් ඖෂධයක ගුණාත්මකභාවය අඩුවන ලෙස අපමිශ්‍ර කිරීම සහ ඒවා නිකුත් කිරීම යන වැරදි සදහා රුපියල් සියයක්ව පැවති දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා සංශෝධනය වනු ඇති.
ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සහ පිරිමි ළමුන් දූෂණය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත් කරමින් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරමින් සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇති.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page