ප්‍රධාන පුවත්

දරුවන්ට ඩෙංගු වැඩි අවදානමක්.. අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය අංශ ඉල්ලයි..

මේ වනවිට රට පුරා ව්‍යාප්ත වන ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්‍යවරුන් සියළු දෙනාගෙන් ඉල්ලීමක් කර තබෙනවා.

ඒ, ඩෙංගු වෛරසයට ඔරොත්තු දීම සඳහා මෙරට ළමුන් අතරින් ප්‍රතිදේහ ඇත්තේ සියයට 24 කට පමණක් බවට අනාවරණය වී තිබීම හේතුවෙන්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය  ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුලු පිරිසක් දීප ව්‍යාපත්ව සිදුකළ සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි වයස අවුරුදු 10 ත් 19ත් අතර ළමුන් 5,208 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණා.

එහිදී හෙළිවී ඇත්තේ ළමුන් අතර ඩෙංගු ව්‍යාප්තිය මේ වන විට සියයට 24.8 ක මට්ටමක පවතින බවයි.

වැඩිම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ ත්‍රීකුණාමලයෙන් වන අතර එම ප්‍රතිශතය සියයට 54.3 ක් වනවා.

කෙසේවෙතත් ඩෙංගු වෛරසයට ඔරොත්තු දීම සඳහා මෙරට ළමුන් අතරින් ප්‍රතිදේහ ඇත්තේ සියයට 25 කටත් වඩා අඩුවෙන් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.

ග්‍රාමීය ප්‍රදේශවල එය සියයට 23.2 ක මට්ටමක පවතින බවත්
නාගරික ප්‍රදේශවල සියයට 35.8 ක මට්ටමක පවතින බවත් සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

වතුකරයේ එය සියයට 9.4 ක මට්ටමක් දක්වා පහල අගයක් ගන්නා බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කියාසිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page