මෙරට මහා පරිමාණ විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලෝප්‍රකට පුනර්ජණනීය බලශක්ති සමාගමක් වන GCI ආයතනය සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා රුපියල් කෝටි 6000 ක පමණ මුදලක් ආයෝජනය කිරීමට නියමිත බව සඳහන්.
එමගින් මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 200ක ධාරිතාවයක් එක්කළ හැකි හැකිවනු ඇති.
මෙගාවොට් 50 බැගින් වන සූර්ය බල විදුලි ව්‍යාපෘති දෙකක් සහ මෙගාවොට් 50 බැගින් වන සුළං බල විදුලි ව්‍යාපෘති දෙකක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට නියමිතයි.
මේ වන විට ජනාධිපති, විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම යෝජනාව ලබා දී තිබෙනවා.
GCI යනු ලොව ප්රමුඛ පුනර්ජණනීය බලශක්ති සමාගමක් වන අතර ඒකාබද්ධ බලශක්ති සේවා සපයන්නකුද වනවා.
මෙම ව්‍යාපෘතියේ පහසුකම් සපයන්නා ලෙස මාවී ඇග්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් ආයතනය කටයුතු කරන බවද සදහන්.
Leave feedback about this