ප්‍රධාන පුවත්

දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම පිළිබද ජනපති ජපානය වෙත කනගාටුව පලකරයි..

මෙරට ක්‍රියාත්මක වෙමින් තිබූ ජපාන දුම්රිය ව්‍යාපෘතිය පසුගිය රජය මගින් හදිසියේ ඒකපාර්ශවිකව නවතා දැමීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අගමැති වරයා වෙත තම කණගාටුව ප්‍රකාශකර තිබෙනවා.

ඒ ජනාධිපති වරයා හා ජපාන අග්‍රාමාත්‍යවරයා අතර සිදුවූ නිල හමුවේදී.

මෙරට තුළ කෙරෙන විදෙස් ව්‍යාපෘති දෙපාර්ශවයේ එකඟතාවකින් තොරව නවතා දැමීමට හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් නීති සම්පාදනය කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවේදී පවසා තිබෙනවා.

සියළු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාල යෝජනා සහ ව්‍යපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබෙනවා.

අදාල නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා කටයුතු කරන බවටද ජනාධිපතිවරයා ජපාන අගමැතිවරයා වෙත සහතික වී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ජපාන ව්‍යාපෘතියක් ලෙස මෙරට ක්‍රියාත්මක වෙමින් තිබු සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය පසුගිය රජය සමයේ අතරමග නවතා දැමීම පිළිබඳව දෙරටේ නායකයින් සාකච්ඡාවට ලක්කර තිබෙන අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ඒ පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශකර තිබෙනවා.

යළි එම ව්‍යාපෘතිය ජපාන රජයේ සහය මත සිදුකිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page