උණුසුම් පුවත්

දුරකතන ඇමතුමක් හේතුවෙන් අකුරණට පොලිස් ආරක්ෂාව..

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
අද දිනය තුළ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රීයේ දුරකථන ඇමතුමක් ලැබී තිබුණා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති බවයි නිහාල් තල්දූව මහතා කියා සිටියේ.
අවශ්‍ය වුවහොත් අතිරේක හමුදා කණ්ඩායම් ද එම ප්‍රදේශයට යැවීමට සූදානම් කර ඇති බව සඳහන්.
දැනට අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම්දෙනතුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යොදවා තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page