දේශීය

දේශීය ආදායමේ බිලියන දහයක මෘදුකාංග වැඩ නෑ.. ගිවිසුම හෙලිකරන්නත් බෑලු

බදු රැස් කිරීම සඳහා රුපියල් බිලියන 10 ක් වියදම් කර දේශීය අදායම් දෙපාර්තමේන්තුව ලබාගත් මෘදුකාංග පද්ධතිය මේ දක්වා සක්‍රීය කර නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය අනාවරණය වී තිබෙන්නේ රාජ්‍ය ආදායම වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව සිදුකල සොයා බැලීමේදීයි.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම හෙළිදරව්ව සිදුවුවද මෘදුකාංග මිලදී ගැනීමට සම්බන්ධ ගිවිසුම රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත හා විගණකාධිපති වරයා වෙත ඉදිරිපත් කිරීම දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ නිළධාරින් හා මුදල් අමාත්‍යංශයේ නිළධාරින් ප්‍රතික්ෂේප කරන බව කබීර් හෂීම් මහතා පවසනවා.

“අපි ආයෝජනය කරන මුදලින් වැඩක් ගන්න පුලුවන්ද කියල හොයල බලන්න ගිවිසුමේ පිටපතක් ඉල්ලනකොට ඒක නොලැබෙන නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරින්වත් කැඳවලා සිංගප්පූරු සමාගමක් එක්ක අත්සන් කරපු ඒ ගිවිසුම විගණකාධිපති තුමාට ලබාදෙන්න කියලා අපි අදාල අයගෙන් ඉල්ලීමක් කෙරුවා. හැබැයි අදටත් ඒක ලැබුනේ නෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නීති පති දෙපාර්තමේන්තුවේ උපදෙස් අරගෙන මේ ගිවිසුම පිළිබඳ විස්තර හොයා ගැනීමට කටයුතු කරන්න.”

යනුවෙන් කබීර් හෂීම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page