දේශපාලන

නවවන පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය අද ආරම්භ වෙයි..

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව සඳහන්.
ඒ අනුව පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ,ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ජනවාරි මස 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසානය ප්‍රකාශයට පත්කලා.
ඒ අනුව අද, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 8 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.
මෙවර පාර්ලිමේන්තු විවෘත කිරීමේ උත්සවය  සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page