විදේශීය

නවසීලන්තයට නව අගමැතිවරයෙක්.. හෙට දිවුරුම්දෙයි

නවසීලන්තයේ හිටපු කොවිඩ් අමාත්‍ය ක්‍රිස් හොප්කන් එහි පාලක කම්කරු පක්ෂය විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාගෙන තිබනෙවා. 44 හැවිරිදි ක්‍රිස් හොප්කින් හෙට දිනයේ සිය ධූරයේ දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු මෙම ධූරයට පත් වන්නේ ආන්දෝලනාත්මක හා ලෝකයේම අවධානය දිනාගත් චරිතයක් වූ නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

ක්‍රිස් හොප්කින්ට එරට ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ සහාය හිමිවනු ඇති. ජසින්ඩා ආර්ඩන්ගෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට යෝජනා වූ එකම නාමය වූයේද හොප්කින්ගේ නම වීම විශේෂයක්.

“මෙය මාගේ ජීවිතයේ මා ලද ලොකුම වරප්‍රසාදය හා ලොකුම වගකීමයි“ යනුවෙන් සිය ධූරය පිළිබද මාධ්‍යට අදහස් දක්වමින් 44 හැවිරිදි හෝප්කින් පවසා තිබුනා.

“ඉදිරි අභියෝග වලදී මම වඩාත් ශක්තිමත් හා ජවසම්පන්න වෙමි“ යනුවෙන් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබුනා

තවත් මාස නවයකින් හොප්කින්ට මහ මැතිවරණයකට මුහුණ දීමට සිදුවන අතර එහිදී ඔහුට තරග වදින්නට සිදුවන්නේ සාම්ප්‍රධායික දැඩි මතදාරී පක්ෂයක් වන කන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂකයා සමගය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page