ක්‍රීඩා

නවසීලන්තය පරදමින් කෝලි වාර්තා පිට වාර්තා තබයි..

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 70ක ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ නවසීලන්තය සමඟ වන්කඬේ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන්.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කලා.

ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ, ලකුණු 327ක් පමණයි.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩරිල් මිචෙල් ලකුණු 134ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඞ් ෂමි ලකුණු 57කට කඩුලු 07ක් දවා ගැනීමට සමත් වුණා.

කඩුලු 23ක් ලබා ගත් මොහොමඞ් ෂමි, මෙවවර ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභින් අතර පෙරමුණේ පසුවනවා.

එම තරගයේදී ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කෝලි එක්දින ක්‍රිකට් පිටියේ ශතක 50ක් රැස්කල ලොව පළමු හා එකම පිතිකරුවා බවට වාර්තා අතරට එක්වුණා.

නවසීලන්තයට එරෙහිව පන්දු 113 කදී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 117 ක්.

ඒ අනුව එක්දින ක්‍රිකට් පිටියේ ශතක වැඩිම සංඛ්‍යාවක් රැස්කර තිබු සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව බිඳ හෙලීමට ඔහු සමත් වී තිබෙනවා.

සචින් ලබාගෙන තිබු ශතක සංඛ්‍යාව 49 ක්.

මෙම ලකුණු 113 ත් සමග විරාත් කෝලි මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 711 ක් රැස්කර තිබෙනවා.

එයද ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරගාවලියකදී පිතිකරුවෙකු රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වනු ඇති.

මෙම තරගාවලියේදී ඔහු අවස්ථා 8 කදී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය අතර එම දක්ෂතාවය දැක්වු පළමු පිතිකරුවා වීමේ භාග්‍යයද ඔහු විසින් හිමිකර ගත්තා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page