ප්‍රධාන පුවත් විදේශීය

නවසීලන්ත අගමැතිනි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ඇය පෙබරවාරි මස 7 වැනිදා සිය ධූරයෙන් එලෙස ඉල්ලා අස්වනු ඇති බවයි බීබීසී ලෝක සේවය සඳහන් කළේ.ඇය කම්කරු පක්ෂයේ නායකත්වයෙන්ද ඒ සමඟ ඉවත් වීමට නියමිතයි.අනතුරුව අග්‍රාමාත්‍යධූරය සඳහා එම පක්ෂයේ නියෝජිතයෙකු පත්කර ගනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.මේ වනවිට 42 වන වියේ පසුවන ජසින්ඩා ආර්ඩන් සිය පෞද්ගලික ජීවිතය පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඇය නවසීලන්ත අග්‍රාමාත්‍යධූරයට පත්වූයේ 2017 වසරේදීයි.ඒ වනවිට ජසින්ඩා ආර්ඩන් 37 වන වියේ පසූවූ අතර ලොව ලාබාලතම රාජ්‍ය නායකාව බවට පත්වීමටද ඇයට හැකියාව ලැබුණා.කොවිඩ් වසංගතය නිසිලෙස කළමනාකරණය කරමින් නවසීලන්තය වඩා සමෘද්ධිමත් දේශයක් බවට පත්කිරීමට ඇගේ චින්තනය සහ කැපවීම හේතු වු බවයි ජගත් දේශපාලන විචාරකයින් සඳහන් කළේ.ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණයට තමන් තරග නොකරන බවද ජසින්ඩා ආර්ඩන් අවධාරණය කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page