උණුසුම් පුවත්

නියඟයෙන් වැව් සිඳී යයි.. කුඹුරු අක්කර 36 දාහකට හානි වෙලා..

වියලි කාලගුණයත් සමග මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබෙනවා.

ඇතැම් ජලාශ වල ජල මට්ටම් සියයට 50 දක්වා පහත වැටී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමෙන්තු සඳහන් කළේ.

සමනල වැව ජලාශයේ ජල මට්ටමද සියයට 2.5 ක් දක්වා පහත බැස තිබෙනවා.

 සමනල වැවෙන් ජලය සපයන උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට 2.8 ක අගයක පවතිනවා.

ඒ අනුව පවතින වියළි කාලගුණ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් වැව් ප්‍රතිසංස්කරණය සහ රොන්මඩ ඉවත් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කියා සිටියේ.

මේ අතර වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 36,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලය සඳහන් කළා.

වැඩිම වගා හානියක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

එම ප්‍රමාණය අක්කර 16,000 ක්.

මේ දිනවල වලව ප්‍රදේශයට නිලධාරී කණ්ඩායමක් යවා එහි වගා හානි තක්සේරු කරමින් සිටින බව ද කෘෂි රක්ෂණ මණ්ඩලය සඳහන් කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page